තාරුණ්‍යයේ වෘත්තීය සිහිනවලට අතහිත දෙන ‘Door To Door Skill Campaign’ අද ඇරඹේ

”ඩෝ ටු ඩෝ ස්කිල් කැම්පේන්” වැඩසටහන අද (21) දින දිවයින පුරා ආරම්භ කිරීමට නියමිතයි.

එය සංවිධාන කර ඇත්තේ “රටක් වටින ඔබට – ඉඩක් හදන අපි” තේමාවෙන්.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සංවිධාන කරන මෙම වැඩසටහනට, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව නිල මාධ්‍ය අනුග්‍රහය ලබාදෙනවා.

ප්‍රසාරණය වන ශ්‍රී ලංකා ආර්ථිකයේ හා ‍ගෝලීය ආර්ථිකයේ කොටස්කරුවන් වීමට යෞවනයන්ට ඉඩහසර ලබාදීම, මෙම වැඩසටහනේ අරමුණයි.

ඊට සහභාගි වන යෞවනයන්ට NVQ වටිනා සහතික ඇතුළු වෘත්තියමය සුදුසුකම් රැසක් හිමිවනවා.

කාර්මික, අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා පුහුණු කිරීමේ අධිකාරිය ඇතුළු ආයතන රැසක්, මෙම වැඩසටහනට සිය දායකත්වය සපයනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ළඟම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිපුණතා සංවර්ධන නිලධාරියා මගින් ලබාගත හැකියි.