​අග්‍රාමාත්‍යතුමිය රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසයේ නිරීක්ෂණයක

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නොවැම්බර් 20 වැනිදා පෙරවරුවේ රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසයේ නිරීක්ෂණයක නිරත වූවාය.

​එහිදී කාන්තා වාට්ටු නිරීක්ෂණය කිරීමට එක් වූ අග්‍රාමාත්‍යතුමිය, එහි නේවාසික වැඩිහිටියන්ගේ සහ රෝගීන්ගේ සුවදුක් විමසමින් ඔවුන් වෙත ආහාර ඇසුරුම් බෙදා දීමට කටයුතු කළාය.

​කාන්තා වාට්ටු පරිශ්‍රය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, නවීකරණය කරන ලද මුළුතැන්ගෙය ද අග්‍රාමාත්‍යතුමියගේ නිරීක්ෂණයට ලක් විය.

පසුව පිරිමි වාට්ටු වෙත ගොස් එහි නේවාසික වැඩිහිටියන්ගේ සුවදුක් විමසා ඔවුන් වෙත ද ආහාර ඇසුරුම් පිරිනැමූ අග්‍රාමාත්‍යතුමිය, වැඩිහිටි නිවාසයේ කාර්ය මණ්ඩලය සමඟ සුහද කතාබහක ද නිරත වූවාය.

මෙම අවස්ථාවට කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි, කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති අරෝෂ අතපත්තු, කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ජනක කුමාර, වික්ටෝරියා වැඩිහිටි නිවාසයේ අධ්‍යක්ෂ ජගත් කෝදාගොඩ යන මහත්වරුන් සහ බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.