ත්රිකුණාමලය, ධීවර වරාය ආසන්නයේදී සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
ත්රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක මෙම පුද්ගලයින් තිදෙනා ගැටී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මරණකරුවන් අවුරුදු 48 හා 58 වයස්වල පසු වූ මාතර හා දෙවුන්දර ප්රදේශවල පදිංචි ධීවරයන් පිරිසක් වේ.
මෘත ශරීර ත්රීකුණාමලය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
චීන වරාය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
