ඔස්ට්‍රේලියානු සංගීත ක්ෂේත්රයේ ප්රමුඛ චරිතයක් වූ මොලී මෙල්ඩ්රම් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 83 ක්.
දශක ගණනාවක් ඔස්ට්‍රේලියානු සංගීත රසිකයන් අතර ජනප්‍රියත්වයට පත්වූ ඔහු, INXS සහ කයිලි මිනොග් ඇතුළු කලාකරුවන් රැසකට ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමට දායක වුණා.
සංගීත වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු සහ ප්‍රවර්ධකයෙකු ලෙස ප්‍රකට ඔහු දිගුකාලයක් රෝගී තත්ත්වයෙන් පසුවුණා.
ඔහු මෙල්බර්න් රෝහලකදී මියගොස් තිබෙනවා.
