බටුවත්තේ වෙඩිතැබීමක්

අද (03) රාත්‍රී කාලයේ රාගම පොලිස් වසමේ බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවත ප්‍රදේශයේදී සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු එම ස්ථානයේම මියගොස් තිබෙනවා.

රාගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු වයස වුරුදු 45ක්වූ බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර හිටපු යුධ හමුදා සෙබලෙකු බවට අනාවරණය වී ඇත.

මෘත ශරීරය මහේසaත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රාගම රෝහලට රැගෙන යාමට නියමිතයි.

වෙඩි තැබීමට පැමිණි සැකකරුවන් ත්‍රී රෝද රථයකින් පැමිණ ඇති බවටත් වෙඩි තැබීම සඳහා පිස්තොල අවියක් භාවිතා කර ඇති බවටත් දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.