වැල්ලවායට දරුණු නියං තත්ත්වයක්

දැඩි වියළි කාලගුණය හමුවේ වැල්ලවායේ කුඩා වැව් සියල්ලක්ම ජල මට්ටම ශීඝ්‍රයෙන් පහලට.බතල ආර වැවද සිඳි යයි

මොණරාගල දිස්ත්‍රික්කයයට මේ දිනවල දැඩි වියළි කාලගුණ තත්වයක් පවතින අතර එම කාලගුණයේ බලපෑම වැඩි වශයෙන් වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට එල්ල වී තිබෙනවා.

එම නිසා වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඩා වැව් සියල්ලක්ම පාහේ මේ වන විට සිඳී යමින් පවතින අතර වැල්ලවාය බතල ආර වැවේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහල ගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

බතල ආර වැවේ ජල මට්ටම අඩු වීමත් සමග වැවේ තිබූ නෙලුම්, ඕලු මස් ඇතුළු ජලජ ශාක සියල්ලක්ම පාහේ විනාශ වී තිබෙනවා.

ඊට අමතරව ප්‍රදේශයේ ධීවර කර්මාන්තයට සහ ගොවිතැන් කටයුතුවලටද ජලය නොමැති නිසා දැඩි බලපෑම් එල්ල කර ඇති අතර වසර ගණනාවකට පසු වැල්ලවායට බලපෑ දරුණුම නියං කාලගුණ තත්වය මෙය බවද ප්‍රදේශයේ ජනතාව පවසනවා.