ටෙක්සාස් ගංවතුරින් මිය ගිය පිරිස ඉහළට

අමෙරිකාවේ මධ්‍යම ටෙක්සාස්හි ගංවතුරින් 80 දෙනෙකු මිය ගොස් ඇති බව තහවුරු වී තිබෙනවා. 41 දෙනෙකු අතුරුදහන් බවයි වාර්තා වන්නේ.

මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව බලධාරීන් පවසනවා.

ගංවතුරෙන් වැඩිම හානිය සිදුව ඇත්තේ කර් ප්‍රාන්තයටයි.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊයේ කර් ප්‍රාන්තය සඳහා ප්‍රධාන ආපදා ප්‍රකාශයකට අත්සන් තැබුවා.

බොහෝ විට සිකුරාදා ටෙක්සාස් වෙත යාමට බලාපොරොත්තු වන බවයි ට්‍රම්ප් කියා සිටින්නේ.

අතුරුදන් වූවන් සෙවීම සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

ඉදිරි දිනවල ටෙක්සාස්හි තවත් කුණාටු සහ වැසි අපේක්ෂා ‌ෙකරෙනවා.

මඩ සහ සුන්බුන් අතර විෂ සහිත සර්පයන් සිටිය හැකි බැවින් ගලවා ගැනීමේ කණ්ඩායම්වලට බාධා ඇති විය හැකි බවටයි බලධාරීන් අනතුරු අඟවන්නේ.

ලියෝ පාප් වහන්සේ ඊයේ රෝමයේදී, ටෙක්සාස් හි මියගිය අය වෙනුවෙන් විශේෂ යඥාවක්ද පවත්වා තිබෙනවා.