සිංහයින්ට ලකුණු 51ක ජයක්

ඔස්ට්‍රේලියා ‘ඒ’ කණ්ඩායම සමග පැවති දෙවැනි නිල නොවන එක්දින තරගය ලකුණු 51 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමත් වුණා. තරගය, පැවැත්වුණේ, ඔස්ට්‍රේලියාවේ ඩාවින්හිදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ඒ’ කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 294 ක් රැස් කළා.

නුවනිදු ප්‍රනාන්දු ලකුණු 82 යි. ලසිතු කෘස්පුල්ලේ ලකුණු 63 ක් ලබා ගත්තා.

සොනාල් දිනූෂ ලකුණු 34 යි. පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියානු ‘ඒ’ කණ්ඩායමට පන්දුවාර 41 යි පන්දුවකදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 243 ක් පමණයි.

මැට් රෙන්ෂෝව් ලකුණු 106 යි. පන්දු යැවීමේදී ප්‍රමෝද් මධුශාන් කඩුලු 4 ක් දවා ගත්තා.

මොහොමඩ් ශිරාස්, සහන් ආරච්චිගේ සහ දුෂාන් හේමන්ත කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.