ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.
තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව මේ දක්වා මෙරට තුළදී බංග්ලාදේශයට එරෙහිව එක්දින තරගාවලියක් පරාජයට පත් වී නැහැ.
ශ්‍රී ලංකාව කණ්ඩායමට අද තරගය ජය ගැනීමට හැකියාව ලැබුණහොත් බංග්ලාදේශයට එරෙහිව වසර 6කට පසුව එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට අවස්ථාව උදාවනු ඇත.
ශ්‍රී ලංකා කණ්ඩායම පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ සහභාගි වූ අවසන් එක්දින තරග 10න් තරග 8ක් ජය ගැනීමට සමත්ව තිබෙනවා.
