උතුරු මැද, ඌව, නැගෙනහිර, මධ්‍යම සහ සබරගමුව පලාත්වලත් කුරුණෑගල, වවුනියාව, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ප.ව. 01.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මි. 75ක පමණ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක්ද පවතිනවා. බස්නාහිර පළාතේත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.
