2026 වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු අද (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
එම තහනම ශිෂ්‍යත්ව විභාග කටයුතු අවසන් වනතුරු බලපැවැත්වෙනු ඇත.
එම කාලය තුළ ශිෂ්‍යත්ව විභාගයට අදාළ අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදාහැරීම හෝ ප්‍රචාරය කිරීමද තහනම් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
එමෙන්ම, විභාග ප්‍රශ්න පත්‍රවලට ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒවාට සමාන ප්‍රශ්න ලබාදෙන බවට සඳහන් පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා මෙන්ම විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ එවැනි ප්‍රචාර සිදු කිරීම හෝ එවැනි ද්‍රව්‍ය ළඟ තබා ගැනීමද සපුරා තහනම් වේ.
