20-20ට නේපාලයත් එයි

2026 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන කාන්තා 20-20  ක්‍රිකට් තරගාවලියට, සුදුස්සන් තේරීමේ තරගාවලියේ, සත්කාරකත්වය නේපාලයට හිමිව තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මේ බව නිල වශයෙන් දැනුම් දුන්නා.

ලෝක කුසලාන කාන්තා 20-20  ක්‍රිකට් තරගාවලිය ලබන වසරේදී පැවැත්වෙන්නේ, එංගලන්තයේදී සහ වේල්ස් හිදී. ඊට සුදුස්සන් තේරීමේ තරගාවලිය ලබන වසරේ ජනවාරි මස ‍12 වැනි දින ආරම්භ කිරීමට නියමිතයි. තරග පෙබරවාරි මස 2 වැනිදා දක්වා පැවැත්වෙනවා. ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මේ වන විට කණ්ඩායම්, 8 ක් සුදුසුකම් ලබා සිටිනවා. සුදුස්සන් තේරීමේ තරගාවලියට කණ්ඩායම් 10 ක් තරග වදින අතර, ඉන් කණ්ඩායම් 4 කට ලෝක කුසලානයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවනු ඇති.