කඩාකප්පල්කාරී ක්‍රියාවලින් සීනි කර්මාන්තය වට්ටන්න දෙන්නේ නෑ

(2025/07/30) දින සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ උක්තොග අතර සැඟවී තිබූ 170kg කට ආසන්නයේ කළු ගලක් සොයාගැනීම සහ විවිධ පාර්ශ්ව විසින් නගන චෝදනා පිළිබඳව සොයා බැලීමට මොනරාගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්.ජයවර්ධන මහතා අද (2025/08/01)සෙවණගල සීනි කර්මාන්ත ශාලාව වෙත පැමිණි අතර, එහිදී උද්ගත වී ඇති ගැටලු පිළිබඳව එම පාර්ශව සමග සාකච්ඡා කළේය.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ විවිධ පාර්ශව සිදුකරන කඩාකප්පල්කාරී ක්‍රියාවලින් සීනි කර්මාන්තය බිඳවැටීමට වත්මන් රජය ඉඩ නොදෙන බවටත්, අවංකව ක්‍රියාකරන සේවකයන්, ගොවි මහතුන් රැක ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය. මෙහි ප්‍රධාන ක්‍රියාවලිය වන සීනි මිල ස්ථාවරව පවත්වා ගැනීම තවදුරටත් සිදුකරන බවටද ඔහු ප්‍රකාශ කළේය.

උක් තොග අතර තිබී හමු වූ ගල පිළිබඳව සෙවනගල කර්මාන්ත ශාලාවේ බලධාරීන් සිදුකළ පැමිණිල්ලේ මුලික විමර්ශන කටයුතු පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් අද දිනයේද සිදු කරන ලදී.