රත්නපුර සීවලී සහ පැල්මඩුල්ල ගංකන්ද යන මධ්‍ය විද්‍යාල අතර 14 වැනි වරටත් පැවැත්වුණු ‘රන්මිණි සටන’ මහා ක්‍රිකට් තරගය, ජය පරාජයෙන් තොරව පසුගියදා අවසන් වුණා. දෙදින තරගයක් ලෙස එය පැවැත්වුණේ, රත්නපුර නගර සභා මහජන ක්‍රීඩාංගණයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් ගන්කන්ද මධ්‍ය විද්‍යාලය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 122 ක් රැස් කළා. කවිදු නෙත්රුවන් ලකුණු 35 යි. සංඛ ලක්ෂාන් ලකුණු 30 ක්ලබා ගත්තා. පන්දු යැවීමේදී උත්සර රණතුංග කඩුලු 3ක් සහ සනුජ දෙල්ගහගොඩ කඩුලු 2 ක් දවා ගත්තා. සීවලී මධ්‍ය විද්‍යාලය පළමු ඉනිමට සියලුදෙනා දැවී ලබා ගත්තේ, ලකුණු 67 ක් පමණයි. චතුප කවීන් ලකුණු 33 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී කවිඳු නෙත්රුවන් කඩුලු 4 ක් සහ නිමේෂ් සත්සර කඩුලු 3 ක් බිඳ හෙලුවා. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා එය නිමා වුණේ, ජය පරාජයෙන් තොරවයි.
