ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වෙයි

ව්‍යවස්ථාදායක සභාව අද (12) රැස්වීමට නියමිතව තිබෙනවා.

කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1.30ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත බවයි කථානායක කාර්යාලය සඳහන් කළේ.

මෙහිදී නව පොලිස්පතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාව පිළිබඳව අවධානය යොමුකිරීමට නියමිතව ඇත.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව පොලිස්පති ධුරයට නම් කර යැවූ වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතයි.