ඊශ්‍රායලය, ගාසා තීරයේදී මාධ්‍යවේදීන් හය දෙනෙකු ඝාතනය කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය දැඩි ලෙස හෙලා දැක තිබෙනවා.
එම සංවිධානයේ මානව හිමිකම් කාර්යාලය පවසන්නේ මෙම ඝාතනය ජාත්‍යන්තර නීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.
පසුගිය ඉරිදා ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අල් ජසීරා වාර්තාකරුවකු ඇතුළු තවත් මාධ්‍යවේදීන් පස් දෙනෙකු මිය ගියා.
මෙහිදී ප්‍රධාන ඉලක්කයවූ අල් ජසීරා වාර්තාකරු වන අනාස් අල්-ෂරීෆ් හමාස් සංවිධානයේ ත්‍රස්තවාදී ඒකකයක ප්‍රධානියා බවට ඊශ්‍රායලය චෝදනා කරනවා.
මාධ්‍ය අයිතිවාසිකම් කණ්ඩායම් සහ කටාර් ඇතුළු රටවල් රැසක් ප්‍රහාරය හෙළා දැක තිබෙනවා.
බ්‍රිතාන්‍ය අගමැති සර් කීර් ස්ටාර්මර්ගේ ප්‍රකාශකයා පැවසුවේ එක්සත් රාජධානිය මෙම ප්‍රහාරය ගැන දැඩි කනස්සල්ලට පත්ව සිටින බවයි.
සිද්ධිය පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් ඔවුන් ඉල්ලා සිටිනවා. ගාසා නගරයේ කූඩාරමට එල්ල වූ ඉලක්කගත මිසයිල ප්‍රහාරයකින් එම මාධ්යාවෙන් පිරිස මිය ගිය අතර, ඔවුන්ගේ අවමංගල්‍යය ඊයේ සිදු කෙරුණා.
අවමංගල්‍යයට විශාල පිරිසක් පැමිණ සිටියා. අනාස් අල්-ෂරීෆ්, අන්තර්ජාලයේ මිලියන ගණනක් අනුගාමිකයින් සිටි මාධ්‍යවේදියෙක්.
මාධ්‍ය නිදහස පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමක් වන දේශසීමා නොමැති වාර්තාකරුවන් ද, කියා සිටියේ ෂරීෆ් ඝාතනය දැඩි ලෙස හෙළා දකින බවයි. තවත් මාධ්‍ය කණ්ඩායම් රැසක් මෙම ප්‍රහාරය දැඩිලෙස හෙළාදැක තිබෙනවා.
