පිය පුතු දෙදෙනාට දිවි අහිමි කළ පරාක්‍රම සමුද්‍රයේ ඛේදවාචකය

පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ඔරුවක් පෙරළීමෙන් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (11) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව බටහිර නයින මඩම ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි හා 38 යන වයස්වල පසුවන එකම පවුලේ පිය පුතු දෙදෙනෙක්.

ඔවුන් පොළොන්නරුව ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණ සිටි අවස්ථාවේදී මෙම අනතුරට මුහුණපා ඇත.

මියගිය දෙදෙනාගේ මළ සිරුරු මේ වනවිට පොළොන්නරුව ශික්ෂණ රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.