මේ වසරේ මේ දක්වා කාලය තුළ දියේ ගිලි සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ් යූ වුට්ලර් මහතා සඳහන් කළේ ඒ අතරට කාන්තාවන් 37 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 220 දෙනෙකු ඇතුළත් බවයි.
මේ අතර දියේ ගිලුණු විදේශිය සංචාරකයින් 33 දෙනෙකු බේරාගැනීමට පොලිස් ජීවිත ආරක්ෂක කොට්ඨාශ සමත්ව තිබෙනවා.
