ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමට ලක් වූ ගාලු කුමාරී දුම්රිය මේ වන විට යළි පීලිගත කර තිබෙනවා.
මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමට ලක්ව තිබුණේ, ඊයේ සවස් කාලයේදි.
දුම්රිය පීලි පැනීම හේතුවෙන් රේල් පීලිවලට සහ කොන්ක්‍රීට් සිල්පර කොටන් රැසකට දැඩි අලාබානි සිදුව තිබුණා.
ඊයේ රාත්‍රී කාලයේ පැවති වැසි තත්වය ද නොතකමින් දුම්රිය සේවකයින්, ගාලු කුමාරී දුම්රිය නැවත පීලිගත කිරීමේ කටයුතුවල නිරතව සිටියා.
අප වාර්තාකරු සඳහන් කළේ අද උදෑසන වන විට, ගාලු කුමාරී දුම්රිය පීලිගත කිරීමට හැකි වූ බවයි.
