වන්දනා ගමනක් ගිය කාන්තාවකට අත්වූ ඉරණම

බිබිල මහියංගනය මාර්ගයේ අඹකැටිය හන්දිය ප්‍රදේශයේදී අද (17) අළුයම වන්දනා චාරිකාවක් යමින් සිටි බස් රථයක ගමන් ගත් කාන්තාවක් බසයෙන් බැසීමට යාමේදී අනතුරට ලක්ව තිබෙනවා.

බස් රථය 05 කණුව දෙසට යාමට හැරවීම සඳහා පසුපසට ධාවනය කිරීමේදී එම බස් රථයේ පසුපස දොරින් බැසීමට ගිය කාන්තාවක් පා පුවරුවෙන් ඇද වැටී බස් රථයේ ඉදිරිපස රෝදයට යටවීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව බිබිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත.

මරණකාරිය වයස අවුරුදු 83 ක්වූ බිබිල ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෘත ශරීරය බිබිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

බිබිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.