ඉන්දීය ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමග ඊයේ පැවති තරගය ලකුණු 100 කින් ජය ගැනීමට ප්‍රතිවාදි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ, ජයිපූර් හිදී.
කාසියේ වාසිය හිමි කර ගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව, ප්‍රථමයෙන් පන්දුවට පහර දීම ආරම්භ කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන රයන් රිකිල්ටන් සහ රෝහිත් ශර්මා ලකුණු 116 ක සබඳතාවක් ගොඩනැඟුවා. පළමු කඩුල්ල ලෙස රයන් රිකිල්ටන්, මහීෂ් තීක්ෂණගේ පන්දුවකට ලකුණු 61 කට දැවී ගියා. රෝහිත් ශර්මා ලකුණු 53 යි. සූර්ය කුමාර් යාදේව් සහ නායක හර්දික් පාණ්ඩ්‍යා නොදැවී ලකුණු 48 බැගින් රැස් කළා. ඒ අනුව, නියමිත පන්දුවාර 20 තුළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 2 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 217 ක්. අනතුරුව ලකුණු 218 ක ඉලක්කයක් හඹා ගිය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කර ගත හැකි වූයේ, ලකුණු 117 ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ජොෆ්රා ආචර් ලකුණු 30 යි. පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් සහ කර්න් ශර්මා කඩුලු 3 බැගින් බිඳහෙලුවා. තරග 50 ක් අවසානයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසු වනවා.
