
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොසාරිස් ඇන්ඩෲ පැට්රික් (Andrew Patrik) මහතා අතර හමුවක් පසුගිය දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
මෙම හමුවේ දී මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය නඟා සිටුවීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙල පිළිබඳවත්, මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය වර්තමානයේ මුහුණ දෙන අභියෝග පිළිබඳවත්, මෙරට රජයේ රෝහල් පද්ධතියට නවීන වෛද්‍ය උපකරණ ස්ථාපිත කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් මෙන් ම සෞඛ්‍ය ක්ෂේත්රයේ සහ ජනමාධ්‍ය ක්ෂේත්රයේ සබඳතා වැඩි දියුණු කිරීම පිළිබඳවත් අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කරන ලදි.
මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට සෞඛ්‍ය සේවා පද්ධතිය වර්තමානයේ මුහුණ දෙන අභියෝග පිළිබඳවත්, මෙරට රජයේ සෞඛ්‍ය පද්ධතියෙන් ජනතාවට රෝගී සත්කාර සේවාවන් විධිමත්ව, කාර්යක්ෂමව පවත්වාගෙන යාමට වෛද්‍ය උපකරණවල යම් අවශ්‍යතාවයක් පවතින බව අමාත්‍යවරයා විසින් මෙහි දී තානාපතිවරයාව දැනුවත් කිරීමට පියවර ගත් අතර, මෙරටට අවශ්‍ය වෛද්‍ය උපකරණ, තාක්ෂණය මෙන් ම සේවා කටයුතු සැපයීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට තානාපතිවරයා මෙහි දී එකගතාවය පලකර සිටියේ ය.
එමෙන්ම වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වෘත්තීය සේවා ප්‍රවර්ධනය වෙනුවෙන් පුහුණු වැඩසටහන් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීම පිළිබඳවත් මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ජා විය.
ප්‍රාථමික සෞඛ්‍ය සත්කාරක සේවා සවිබල ගැන්වීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන දීප ව්‍යාප්තව ස්ථාපිත කිරීමේ සහ ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙල පිළිබඳවත්, සෞඛ්‍ය යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ නවීන තාක්ෂණයෙන් යුත් සෞඛ්‍ය සේවාවක් මෙරට තුළ ස්ථාපිත කිරීම සඳහා රජයේ සැලසුම් සහගත වැඩපිළිවෙල පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මහ කොමසාරිස්වරයාට මෙහි දී කරුණු පැහැදිලි කළේ ය.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් (Andrew Patrik ) මහතා වත්මන් රජය ගෙන යනු ලබන ජනතාවාදී වැඩපිළිවෙල ඇගයීමට ලක් කරමින් බ්‍රිතාන්‍යයේ දියුණු සෞඛ්‍ය පද්ධතියේ අත්දැකීම් ද මෙහි දී විස්තර කරනු ලැබී ය. මෙරට සෞඛ්‍ය පද්ධතිය හා ජනමාධ්‍ය ක්ෂේත්රයේ සිදුවිය යුතු සංවර්ධනය වෙනුවෙන් දෙරට අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීමට අවශ්‍ය සහය ලබා දීමට ද ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොසාරිස්වරයා මෙහි දී අවධානය යොමු කරන බව සඳහන් කළේ ය.
වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අමාත්‍යධූරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසු ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොසාරිස්වරයා සමග පැවති පළමු හමුව මෙය විය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද සහභාගි විය.