බොරලැස්ගමවේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයට සම්බන්ධ සැකකරුවෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
2025.08.24 වන දින අළුයම් කාලයේ බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේ පා ගමනින් ගිය පුද්ගලයෙකුට ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකර තිබුණා.
එම අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය හා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් විමර්ශන ආරම්භ කර තිබුණා.
ඒ අනුව සිදුකළ විමර්ශනයේදී අනාවරණය කරගත් තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බලකා මොරටුව කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් මගින් මෙම අපරාධයේ වෙඩික්කරු ලෙස ක්‍රියාකල සැකකරු ඊයේ (25) දින දහවල් මහරගම පොලිස් වසමේ නාවින්න ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 550ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරුගේ වයස අවුරුදු 24ක් වන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
