ලක් මවට පළමු පදක්කම ඩිලංකගෙන්

පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශුරතා තරගාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමට ඩිලංක ඉසුරු කුමාර සමත් වුණා.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව හිමි කර ගත් පළමු පදක්කම මෙයයි. තරගාවලිය පැවැත්වෙන්නේ ඉන්දියාවේ දී.

මෙහිදී ඩිලංක ඉසුරු කුමාර නියෝජනය කළේ කිලෝග්‍රෑම් 60 බර පන්තියයි.

මෙහිදී ඔහු ලෝකඩ පදක්කම දිනා ගත්තේ කිලෝ ග්‍රෑම් 249 ක සමස්ත බරක් ඔසවමින්.

ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයෙන් ඩිලංක කිලෝ ග්‍රෑම් 138 ක් එසවූ අතර ස්නැච් ක්‍රමයෙන් එසවූ බර කිලෝ ග්‍රෑම් 111 ක්.