දෙහිවල, දුම්රියපොල පාර ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ සිදුධියකට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියක් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2025.07.18 වන දින දෙහිවල පොලිස් වසමේ දුම්රියපොල පාර ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කිරීමේ අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
ඒ අනුව ලද තොරතුරක් මත ඉහත අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ඊයේ (26) දින උදෑසන කාලයේ බොරලැස්ගමුව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 20 ක් සමඟ සහ දෙල්ගහවත්ත, හල්පිට ප්‍රදේශයේදී අපරාධයට ආධාර අනුබල ලබාදුන් සැකකාරියක්ද අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 23 ක් වන පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාරිය වයස අවුරුදු 38 ක් වන කැස්බෑව ප්‍රදේශයේ පදිංචිකාරියකි.
බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
