ටියේෂ් නිර්මාතෘ ලසන්ත ද ෆොන්සේකා ව්‍යාපාරික ලෝකයේ නොකියූ කතා ඇතුලත් ‘මිණිපෙත මුදුනට දිදුලන ගමනක්’ කෘතිය එළි දක්වයි.
ව්‍යාපාරික ලෝකයේ අත්දැකීම් ඇතුලත් ‘මිණිපෙත මුදුනට දිදුලන ගමනක්’ කෘතිය එළි දක්වයි.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ව්‍යවසායකයෙකු සහ ස්වර්ණාභරණ ලෝකයේ ප්රමුඛ ව්‍යාපාර සන්නාමයක් ගොඩනැගූ ‘ටියේෂ්’ හි නිර්මාතෘ ලසන්ත ද ෆොන්සේකා මහතාගේ මතක සටහන් ඇතුළත් සුජිත් අක්කරවත්ත මහතා විසින් රචිත ‘මිණිපෙත මුදුනට දිදුලන ගමනක්’ (Story Behind The Sparkle) කෘතිය එළි දැක්වීම පසුගියදා සිදු කරන ලදී.
මෙම කෘතිය මගින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ක්ෂේත්රයේ සාර්ථක ව්‍යාපාරික චරිතයක ගමන් මග, මුහුණ දුන් අභියෝග සහ ජයග්‍රහණ ඇතුළුව ප්‍රසිද්ධ ස්වර්ණාභරණ සන්නාමයක් ගොඩනැගූ ‘ටියේෂ්’ ව්‍යාපාරික ජාලය පිටුපස ඇති නොඇසූ කතාව එළි දක්වා ඇත.
දශක හතරකට අධික ව්‍යාපාරික අත්දැකීම්, ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම කීර්තිමත් ස්වර්ණාභරණ සන්නාමයක් ගොඩ නැගීම සදහා ඔහු පැමිණි ගමන් මග මෙම කෘතිය තුළින් පෙළ ගස්වා ඇත. ඔහුගේ ව්‍යාපාරික දැක්ම ,ව්‍යාපාර මෙහෙයවීම ,ධෛර්යය හා නොපසුබට උත්සහය ඇතුළු අත්දැකීම් රැසක් අනාගත තරුණ පරපුරට සිය අභියෝග ජය ගැනීමට හා ව්‍යාපාරික ක්ෂේත්රයට පිය මැනීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන් සදහා අවදානම් ජය ගැනීමට පිටුවහලක් වනු ඇත.
පහල මධ්‍යම පාන්තික පවුලකින් සිය ජීවිතය ආරම්භ කරන ලසන්ත ද ෆොන්සේකා මහතා සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරනුයේ ලංකා දුම්කොළ සමාගමෙනි. 1978 වසරේදී දී ඇති වූ CMU වැඩ වර්ජනය සිය ජිවිතයේ තීරණාත්මක සන්දිස්ථානයක් ලෙස යොදා ගනිමින් ව්‍යාපාරික ක්ෂේත්රයට අවතීර්ණ වී තිබේ. මුලික ප්රාග්ධනය ලෙස රුපියල් ලක්ෂයක මුදලක් ලංකා බැංකු ණයක් ලෙස ලබාගෙන එය ආයෝජනය කර ව්‍යාපාරික ගමන ආරම්භ කරමින් ‘ටියේෂ්’ සන්නාමය ගොඩ නගන ලදී.
ස්වර්ණාභරණ ක්ෂේත්රයේ ශ්‍රී ලංකික විශිෂ්ටත්වයේ සංකේතයක් ලෙස ‘ටියේෂ්’ නාමය පරිභෝගික ජනතාව අතර සිත් දිනාගෙන තිබේ. 1997 වසරේ දී ලක්මිණි ලිමිටඩ් ලෙස මහනුවරින් ආරම්භ කරන ලද අතර ව්‍යාපාර පුළුල් කිරීම යටතේ ව්‍යාපාර සන්නාමය ‘ටියේෂ්’ බවට පරිවර්තනය කරන ලද අතර වර්තමානයේ කොළඹ සහ මහනුවර සිය ප්රදර්ශනාගාර පවත්වාගෙන යනු ලබයි. වර්තමානයේ මැණික් හා ස්වර්ණාභරණය නිෂ්පාදන පාරිභෝගික සියලු දෙනාටම එකම වහලක් යටින් ලබා ගැනීමට එමඟින් අවස්ථාව සලසා දී තිබේ.
සාර්ථකත්වයට එක රැයකින් පැමිණිය නොහැකි බවත් එයට ස්ථාවර උත්සාහයක්, අධ්‍යාපනයට ඇති කැමැත්ත, විවෘතභාවය සහ අවදානම් දැරීමට ඇති ධෛර්යය ව්‍යාපාර ලෝකයේ ජයගැනීමට අවශ්‍ය බව ලසන්ත ද ෆොන්සේකා මහතා මෙහිදී ප්‍රකාශ කරනු ලැබීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලසන්ත ද ෆොන්සේකා මහතා,
ටියේෂ් ශ්‍රී ලංකා යනු ස්වර්ණාභරණ නිවහනකට වඩා වැඩි අත්දැකීම් සහිත සමකාලීන නිර්මාණ සැපයුම්කරුවන්ට අධ්‍යාපනික මග පෙන්වීමක් ලබාදෙන ආයතනයකි. කොළඹ සහ මහනුවර ප්රදර්ශනාගාර මැණික් විද්‍යා කෞතුකාගාරයක්, පරීක්ෂණාගාරයක්, ශ්‍රවණාගාරයක් සහ ස්වර්ණාභරණ වැඩමුළු පවත්වමින් දැනුම සංවර්ධනය සිදු කරනු ලබයි. ස්වර්ණාභරණ ශිල්පයේ සංකීර්ණ කලාව පිළිබඳ ගිලහී යන අත්දැකීමක් ලබාදෙමින් ලෝකයේ විශිෂ්ටතම ශ්‍රී ලාංකික මැණික් ඒවායේ ස්වභාවික ස්වරූපයෙන් අලංකාරය ඉස්මතු කිරීමට කටයුතු කරනු ලැබේ. විශේෂයෙන් ව්‍යාපාර සාර්ථක කර ගැනීමට සිය සේවක මණ්ඩලය ලබා දෙන සහයෝගය හා විශ්වාසය ව්‍යාපාරයේ සාර්ථකත්වයට ප්‍රබල සාධකයක් බව පෙන්වා දෙයි.
‘ මිණිපෙත මුදුනට දිදුලන ගමනක්’ කෘතිය ව්‍යවසායකයෙකුගේ කාචය හරහා සියුම් ආභරණ ලෝකය පිළිබඳව දුර්ලභ අවබෝධයක් ලබාදෙයි. මෙය පුද්ගලයකුගේ මතක සටහන් කතාවක් පමණක් නොව ඉන් එහා ගිය ව්‍යාපාරිකයකුගේ දර්ශනය ඇතුළත් ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙලේ ව්‍යාපාර සන්නාමයක් ගොඩනගනු ලැබූ ව්‍යවසායකයෙකුගේ දර්ශනයක් බව ප්‍රකාශ කළ යුතුය. මෙම කෘතිය සිංහල හා ඉංග්‍රීසි භාෂාවලින් පාඨකයන් වෙත දිවයින පුරා පිහිටි ප්රමුඛ පෙළේ පොත් සාප්පු වලින්, 0774381692 ඇණවුම් කිරීමෙන් හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබේ.
