ආසියානු කුසලාන 20 – 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද පැවැත් වෙනවා. එය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 8.00 ට ආරම්භ වීමට නියමිතයි. තරගය අබුඩාබිහි දී පැවැත්වෙනවා. ඊට සූදානම් වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ සවස පුහුණුවීම්වල නිරතවුණා.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය පැවැත්වෙන්නේ, “බී” කාණ්ඩයෙන්. මෙතෙක් ඉතිහාසයේ දෙරට අතර පවත්වා ඇති ජාත්‍යන්තර 20 – 20 තරග සංඛ්‍යාව 20 ක්. ඉන් තරග 12 ක් ශ්‍රී ලංකාවත්, තරග 8 ක් බංග්ලාදේශයත් ජය ගත්තා.
2022 වසරේ පැවති ආසියානු කුසලාන 20 – 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම විසින්. ඒ අනුව, වත්මන් ශූරයින් ලෙසයි ඔවුන් අද තරගයට පිවිසෙන්නේ. අද තරගයට කණ්ඩායමේ සූදානම පිළිබඳව නායක චරිත් අසලංක අදහස් පළ කළා.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයෙන් ඕමානය පරාජයකර ලකුණු 93 ක ජයක් වාර්තා කිරීමට පාකිස්ථානය සමත්වුණා. තරගය පැවැත්වුණේ, ඩුබායිහි දී. පළමුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථානය, පන්දුවාර 20 ඇතුළත කඩුලු 7 ක් දැවී ලකුණු 160 ක් රැස් කළා. පිළිතුරු ලෙස ඕමානයට පන්දුවාර 16 යි පන්දු 4 ක දී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරිමට හැකි වුණේ, ලකුණු 67 පමණයි.
