අන්තර් ජාතික ළමා චිත්‍ර / පෝස්ටර් තරඟය – 2025

අභ්‍යවකාශ විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ කුඩා ළමුන්ගේ උද්යෝගය සහ දැනුම වර්ධනය කරලීමේ අරමුණින් ආසියානු ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ සංසද්‍ය (APRSAF) මගින් අන්තර්ජාතික ළමා චිත්‍ර පෝස්ටර් තරඟය වාර්ෂිකව සංවිධානය කරනු ලැබේ.

මෙම තරඟය සඳහා අයදුම්පත් කැඳවීම එහි ශ්‍රී ලංකා නියෝජිත ආයතනය වන නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය මඟින් සිදුකෙරේ. ඒ සඳහා මේ දිනවල ආතර් සී ක්ලාක් ආයතනය අයදුම්පත් කැඳවන අතර දැනට අවුරුදු 8-12 ත් අතර ඕනෑම පාසල් ශිෂ්‍යයෙකුට / ශිෂ්‍යාවකට අයදුම්කල හැක.

චිත්‍ර තරඟගේ තේමාව “චන්ද්‍ර නගරය” – (Lunar City) වන අතර වැඩි විස්තර ආතර් සී ක්ලාක් ආයතනගේ වෙබ් අඩවිගයන් (www.accimt.ac.lk) හෝ 011-2650838 දුරකථන අංකගයන් විමසිය හැක. චිත්‍ර එවිය යුතු අවසාන දිනය 2025 සැප්තැම්බර් 22 වේ.