නේටෝ රටවලට ට්‍රම්ප්ගෙන් බලපෑම්

රුසියානු ඛනිජ තෙල් මිලදි ගැනීම නවතන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නේටෝ රටවලින් ඉල්ලා සිටිනවා.

සියලුම නේටෝ රටවල් එලෙස ක්‍රියා කළහොත් රුසියාවට එරෙහිව දැඩි සම්බාධක පැනවීමට තමන් සුදානම් බවයි, ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ.

ටෘත් සමාජ මාධ්‍යයෙහි සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ, සියලුම නේටෝ සාමාජික රටවල් විසින් රුසියානු ඛනිජ තෙල් මිලදී ගැනීම සම්පූර්ණයෙන්ම නැවැත්වීමට සහ වසර තුනකට වැඩි කාලයක් පුරා පවතින යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා රුසියාව වෙත බලපෑම් කිරීමේ අරමුණින් සම්බාධක පැනවීමට එකඟවුවහොත් පමණක් රුසියාව වෙත ප්‍රධාන සම්බාධක පැනවීමට තමන්ද සුදානම් බවයි.

නේටෝ සංවිධානයේ සාමාජික රටවල් විසින් රුසියානු ඛනිජ තෙල් මිලදි ගැනීම තවදුරටත් සිදු කිරීම කම්පන සහගත ක්‍රියාවක් බවද ජනාධිපති ට්‍රම්ප් සඳහන් කරනවා.