ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාර දැඩි කෙරේ

ඊශ්‍රායලය, ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම දැඩිකර තිබෙනවා.

පසුගිය දින කිහිපයේ ඊශ්‍රායල ප්‍රහාර වලින් පලස්තීනුවන් 53 දෙනෙකු මියගිය බවයි වාර්තා වන්නේ.

ගාසා නගරයේ ගොඩනැගිලි 16 ක් ඊශ්‍රා‍යල ඉලක්ක වී ඇති අතර ඒ අතර නේවාසික ගොඩනැගිලි ද වනවා.

වෛද්‍යවරුන් පවසන්නේ ඊයේ පමණක් පුද්ගලයින් 35 දෙනෙකු ගාසා නගරයේ දී මිය ගිය බවයි.

පසුගිය දින හතර තුළ පමණක් ගාසා නගරයේ එම ආයතනයේ ගොඩනැගිලි 10 කට පහර දී ඇති බව පළස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ආයතනයේ ප්‍රධානියා පවසනවා.

ගාසා තීරයේ කිසිදු ස්ථානයක් ආරක්ෂිත නැති බවද ඔහු කියා සිටිනවා.

ගාසා වැසියන්, දිනෙන් දින පිරිසිදු පානීය ජල හිඟයකට මුහුණ දී සිටිනවා. ඔවුන් දැඩි සාගත තත්වයකට ද මුහුණ දී සිටින බවද යුනිසෙෆ් සංවිධානය පවසනවා.