කෝටි 2ක් වටිනා රන්බිස්කට් කටුනායකදී අල්ලයි

රුපියල් කෝටි 2 ක් පමණ වූ රන් බිස්කට් තොගයක්, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද අලුයම සොයාගනු ලැබුවා. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආරක්‍ෂාව සඳහා අනුයුක්ත කර සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු, මෙම රන් බිස්කට් තොගය තම සි‍රුරෙහි සඟවාගෙන ගුවන් ‍තොටුපොළින් පිට කිරීමට තැත් කර තිබෙනවා. සැකකරු මිනුවන්ගොඩ පදිංචි 37 හැවිරිදි අයෙක්. ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වසර 17 ක් සේවය කර තිබෙනවා. අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ඔහු ග්‍රෑම් 550 ක් බරැති රන් බිස්කට් 40 ක් සිය ඉන ප්‍රදේශයේ සඟවාගෙන ගුවන්‍ තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඔස්සේ පිටව යාමට උත්සාහ කිරීමේදී.