ඊයේ (19) දින සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පාදෙණිය අනුරාධපුරය මාර්ගයේ දළඳාගම හන්දියේදී අනුරාධපුර දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් පැදිකරුවන් දෙදෙනා තුවාල ලබා මහව රෝහලට ඇතුලත් කිරීමේදී එක් පැදිකරුවෙකු මියගොස් ඇති අතර අනෙක් පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා ඇත.
මරණකරු වයස අවුරුදු 60 ක්වූ දළඳාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව ඥාතීන්ට භාර දී ඇති අතර මහවපොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර ඊයේ (19) දින උදෑසන කාලයේ නුවර කොළඹ මාර්ගයේ මිරිස්වත්ත ප්‍රදේශයේදී කොළඹ දෙසට ධාවනය වූ යතුරුපැදියක් කන්ටේනර් රථයකට ඉස්සර කිරීමට යාමේදී යතුරුපැදිය කන්ටේනර් රථයේ ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුලත් කිරීමෙන් මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 25 ක් වූ යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මෘත ශරීරය ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර යක්කල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
