ආසියානු කුසලාන 20- 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 4 වටයේ තරග අද ආරම්භ කෙරෙනවා.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු තරගය පැවැත්වෙන අතර, එය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 8.00 ට ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ පළමු කාණ්ඩයේදි මෙම කණ්ඩායම් දෙකම තරග වැදුණේ බී කාණ්ඩයෙන්.
ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර මුහුණ දුන් තරග 3ම ජයගනිමින් ප්‍රසාද ලකුණු 6 ක් ලබා ලකුණු සටහනේ පළමු ස්ථානයට පත්වුණා.
ප්‍රතිවාදි බංග්ලාදේශ කණ්ඩායම තරග 3 ක් ක්‍රීඩා කර ඉන් 2 ක් ජයගෙන ලකුණු සටහනේ දෙවන ස්ථානයේ සිටිනවා.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මෙතෙක් පවත්වා ඇති ජාත්‍යන්තර 20-20 ක්‍රිකට් තරග සංඛ්‍යාව 21 ක්.
ඉන් තරග 13 ක ජය හිමිකරගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. තරග 8 ක ජය බංග්ලාදේශය සතුවුණා.
මෙවර තරගාවලියේ මුලික වටයේදි කණ්ඩායම් දෙක අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුළු 6 ක ජයක් හිමිකර ගත්තා.
අද තරගය පැවැත්වෙන්නේ ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි.
