සපුගස්කන්ද පොලිස් වසමේදී අවිපෙන්වා බිය ගන්වා දෙකෝටි අටලක්ෂ හතලිස්දාහක් වටිනා රන් භාණ්ඩ හා මුදල් කොල්ලකෑමේ අපරාධය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් අපරාධය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබුණා.
ඒ අනුව ඊයේ (08) දින උදෑසන කාලයේදී කිරිඳිවැල පොලිස් වසමේ රඳාවාන මාහේන හන්දිය ප්‍රදේශයේදී බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 61ක් වන කලගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුගෙන් සිදු කරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සොරකම් කරන ලද රන්මුදුවක් පොලිසිය විසින් සොයාගෙන ඇත.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
