ප්‍රවීන රංගන ශිල්පිනි සේමිණී ඉද්දමල්ගොඩ වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මූල්‍ය වංචා සම්බන්ධයෙන් වරෙන්තු 7කට අදාළව ඇය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
තංගල්ල, මාතර සහ කොළඹ යන අධිකරණවලින් අදාළ වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්.
වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගත් සේමිණී ඉද්දමල්ගොඩ මහත්මිය අද (11) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
