හෙට සිට විද්‍යුත් සංචාරක අවසර පත්‍රය අනිවාර්යයි

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් ලබාගැනීම අනිවාර්ය කර තිබෙනවා.

ඔක්තෝබර් 15 වැනිදා සිට මෙම නව රෙගුලාසි ක්‍රියාත්මක වන බවයි, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිවේදනය කරන්නේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ සීෂෙල්ස්, මාලදිවයින සහ සිංගප්පූරුවේ විදේශ ගමන් බලපත්‍ර හිමියන් ද්විපාර්ශ්වික ගිවිසුම් හේතුවෙන්, ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පත්‍ර ගාස්තු වලින් නිදහස් කර තිබෙන බවයි.

මේ අතර චීනය, ඉන්දියාව, රුසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව, මැලේසියාව සහ ජපානය යන රටවල විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට ද පවතින රෙගුලාසි යටතේ ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර පත්‍ර නොමිලේ ලැබෙනු ඇති.

අනෙකුත් සියලුම රටවලට නියම කර ඇති ඉලෙක්ට්‍රොනික සංචාරක අවසර ගාස්තුව ගෙවීමට සිදුවන බව එම නිවේදනයේ සඳහන්.