
හින්දු භක්තිකයන්ගේ ප්‍රධානතම උත්සවය වන දීපාවලී අදට යෙදී තිබෙනවා. මේ නිමිත්තෙන් ලොවපුරා හින්දු බැතිමතුන් අද විශේෂ පූජා සහ චාරිත්‍රවල නිරත වනවා.
දීපාවලී උත්සවය පැවැත්වෙන්නේ, “නරගාසුර” නමැති අසුරයාගේ මරණින් පසු ඔහු යහපත් කෙනෙකු වීම සැමරීම සඳහායි. උත්සව දින සිදුකරණ විශේෂ පූජාවලින් ජීවිතයට නව එළියක් ලැබෙන බව හින්දු භක්තියන්ගේ විශ්වාසයයි. විෂ්ණු දෙවියන්, තම ජීවිතයට එළිය ලබා දුන් දිනයක් ලෙසද මෙය සලකනු ලබනවා. මෙම උත්සව සමයේදී පහන් දැල්වීම සම්ප්‍රදායක්. හින්දු භක්තිකයන් සිය නිවාස අලංකාරවත් කිරීමත් කෝවිල්වල පැවැත්වෙන පූජාවලදී ශිව, විෂ්ණු හා ගණ යන ප්‍රධාන දෙවිවරුන් වන්දනා කිරීමත් සිදු කරන අතර, ආහාර අනුභවය ද උත්සවයේ ප්‍රධාන චාරිත්‍රයක්. දීපාවලී දිනට පෙර දින 21 ක් උපවාසයේ යෙදී සිටින හින්දු භක්තිකයන් දීපාවලි දිනයේ එය අත්හැරීම සිදු කරනවා. එම උපවාස කාලය හැඳින්වෙන්නේ, “කේ දාර ගෞරි” ලෙසයි.