ලොව විශිෂ්ටතම කෞතුකාගාරයක් ලෙස සැලකෙන ප්‍රංශයේ ලූවර් කෞතුකාගාරය මංකොල්ලකෑමකට ලක්ව තිබෙනවා.
මිල කළ නොහැකි ආභරණ කිහිපයක් මෙහිදී සොරා ගෙන ගොස් ඇති බවයි, කෞතුකාගාරයේ ආරක්ෂක අංශ ප්‍රකාශ කර සිටින්නේ.
ඊයේ උදෑසන කෞතුකාගාරය අමුත්තන්ගේ ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීමට සුළු මොහොතකට පෙර මෙම සොරකම සිදුව තිබෙනවා.
සොරුන් වෘත්තීය මට්ටමේ ඉදිකිරීම් උපකරණ රැගෙන මෙම සොරකම සිදු කර ඇති අතර, මිනිත්තු 4 ක් වැනි කෙටි කාලයක් තුළ සොරකම සිදු කර පළා යෑමට ඔවුනට හැකි වී තිබෙනවා.
එම අවස්ථාවේ ඉදිකිරීම් කටයුත්තක් සිදු වෙමින් පැවති නිසා ඔවුන් සැක නොසිතන ආකාරයට එම ස්ථානයට ඇතුළු වීමට හැකි වී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
සොරකම් කළ භාණ්ඩවලින් වැඩි ප්‍රමාණයක් ආභරණ බවත්, ඔටුනු , මුතු මැණික් එබ්බ වූ මාල, කරාබු ඇතුළු ආභරණ රැසක් සොරා ගෙන තිබෙනවා.
සොරුන් පැන යාමට පෙර ඔවුන් අතින් ගිලිහී ගිය වටිනා ලෝකඩ හිස් පලඳනාවක් හමු වී ඇත.
එය, තුන් වැනි නැපෝලියන් රජුගේ බිරිඳ වන යූජින් රැජිනට අයත් වන බවයි, කෞතුකාගාර බලධාරීන් පවසන්නේ.
මේ අතර, ලොව ප්‍රකට ලියනාඩෝ ඩාවින්චිගේ මොනාලිසා සිතුවම ද මෙම කෞතුකාගාරයෙහි ඇතුළත් වන අතර, එයට කිසිදු හානියක් සිදුව නොමැති බවයි, වාර්තා වන්නේ.
