ඒත්තුකාලවෙරළ තීරයේ දියනෑමට ගිය පුද්ගලයින් තිදෙනෙකුගෙන් එක් අයෙකු දිය වැලකට හසුව මුහුදට ගසාගෙන යමින් සිටියදී වෙරළ තීරයේ රාජකාරී යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් බේරාගෙන තිබෙනවා.
ජීවිතාරක්ෂක ඒත්තුකාල ඒකකයට අනුයුක්ත පොලිස් සැරයන් 40868 සිල්වා, පොලිස් කොස්තාපල් 100082 මදුරංග, පොලිස් කොස්තාපල් 102653 ශරෝන්,පොලිස් කොස්තාපල් 102708 මදුසංක හා පොලිස් කොස්තාපල්105320 විජේසිංහ යන නිලධාරින් විසින් එම පුද්ගලයා බේරාගෙන මූලික ප්රථමාධාර ලබාදී ඇත.
මෙලෙස අනතුරට පත්ව ඇත්තේ අවුරුදු 30 ක් වන අකුරැස්ස ප්රදේශයේ පදිංචිකරුවෙක්.
