කෙන්යාවේ සිදු වූ නාය යාමකින් 21 දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
එරට බලධාරීන් කියා සිටියේ තවත් 25 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවයි.
අධික වර්ෂාවත් සමග කෙන්යාවේ බටහිර ප්‍රදේශයේ මෙම නාය යාම සිදුව ඇති බව එරට බලධාරීන් පවසනවා.
තවත් 30 දෙනෙකු අතුරුදන්ව සිටින බවයි ඔවුන් සඳහන් කළේ, නාය යාමත් සමග ඇති වූ අධික මඩ තට්ටුව සහ හදිසි ගංවතුර හේතුවෙන් එම ප්‍රදේශයට ප්‍රවේශ වීම අතිශය දුෂ්කර වී ඇති බව මුදාගැනීමේ කණ්ඩායම් පවසනවා.
කෙන්යානු රජය කියා සිටියේ, ආපදාවට පත් ප්‍රදේශයේ ජනතාව සඳහා ගුවනින් ආහාර ඇතුළු සහනාධාර සැපයීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.
මෙම වසරේ දෙවැනි වැසි සමය ආරම්භ වීමත් සමග දැඩි වර්ෂාපතනයක් එම ප්‍රදේශයට වාර්තා වූ බව කෙන්යානු කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙනවා.
නාය යෑමේ අවදානමට ලක්ව ඇති ප්‍රදේශවලින් ජනතාවට කඩිනමින් ඉවත් වීමටයි එරට බලධාරීන් දැනුම් දී ඇත්තේ.
