ලෝක කුසලාන කාන්තා එක් දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ඉන්දියාව හිමිකර ගනී

ලෝක කුසලාන කාන්තා එක් දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට ඉන්දියාව සමත් වුණා. ඒ, අවසන් තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 52 කින් පරාජය කිරමින්. ඉන්දියාව, ලෝක එක් දින කාන්තා ක්‍රිකට් කිරුළක් හිමි කරගත් පළමු අවස්ථාව මෙයයි.

අවසන් තරගය ඊයේ පැවැත්වුණේ, ඉන්දියාවේ මුම්බායිහිදී. කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන්නා. ඉන්දීය ඉනිම ආරම්භ කළේ, ස්ම්රිටතී මන්දනා සහ ෂෆාලි වර්මා. ඔවුන් දෙදෙනා ආරම්භක කටුල්ලට ලකුණු 104 ක සබඳතාවක් ගොඩනැගීමට සමත් වුණා. මන්දනා ලකුණු 45 යි. ෂෆාලි වර්මා ලකුණු 87 ක් ලබා සිටියදී දැවී ගියේ ඉන්දීය ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසයි. දීප්ති ෂර්මා ලකුණු 58 ක් රැස් කළා. ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත කඩුලු 7 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්යා.ව 298 ක්. එය වර්තා වන්නේ, කාන්තා එක් දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් තරගයකදී කණ්ඩායමක් රැස් කළ දෙවැනි වැඩිම ලකුණු සංඛ්යා ව ලෙසයි.

පිළිතුරු ලෙස ලකුණු 299 ක ඉලක්කයක් හඹා යමින් නායක ලවුරා වොල්වට් සහ ටෙස්මින් බ්රිතට්ස් දකුණු අප්‍රිකා ඉනිම ආරම්භ කළා. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 51 ක් වන විට බ්රිාට්ස් දැවී ගියේ ලකුණු 23 කට. සූන් ලූස් ලකුණු 25 ක් රැස් කළ අතර, ඇනේ‍රි ඩෙක්සන් ලකුණු 35 යි. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායිකා ලවුරා වොල්වට් තම එක් දින ක්‍රිකට් දිවියේ 11 වැනි ශතකය වාර්තා කිරීමට ඊයේ සමත් වුණා. ඇය දැවී ගියේ ලකුණු 101 ක් ලබා සිටියදි. දකුණු අප්රි කාව පන්දුවාර 45 යි පන්දු 3 කදී සියලු ක්රීටඩිකාවන් දැවී රැස් කළ ලකුණු සංඛ්යා ව 246 ක්. පන්දු යැවීමේදී දීප්ති ශර්මා කඩුලු 5 ක් දවා ගත්තා. ඇය ඉතිහාසයට එක් වූයේ ලෝක කුසලාන අවසන් තරගයක කඩුලු 5 ක් දවාගත් දෙවැනි ක්රීයඩිකාව ලෙසයි. මේ අතර, අර්ධ ශතකයක් සහ කඩුලු 5 ක් ලබාගත් පළමු ක්රී ඩිකාව ලෙසද ඇය ඉතිහාසයට එක් වුණා. ඒ අනුව, ඉන්දියාව ලකුණු 52 කින් අවසන් තරගය ජයගත් අතර, ලෝක එක් දින කාන්තා ක්රිිකට් කිරුළක් ජයගත් සිව්වැනි රට ලෙසයි ඔවුන් ඉතිහාසයට එක් වුණේ. මීට පෙර ඔස්ට්‍රේලියාව, එංගලන්තය සහ නවසීලන්තය ලෝක එක් දින කාන්තා ක්‍රිකට් කිරුළ ජයගෙන තිබුණා.