ඊයේ (03) දින රාත්‍රී තුවාල සහිතව මධ්‍යම කඳවුර රෝහල වෙත ඇතුළත් කළ පුද්ගලයෙක් රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් ඇති බවට මධ්‍යම කඳවුර පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 31ක් වූ වීරගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු හා තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතර ඇතිවූ පැරණි ආරවුලක් දුරදිග යාමෙන් මරණකරු හට පොල්ලකින් හිසට පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.
අපරාධයට සම්බන්ද සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මෘත ශරීරය මධ්‍යම කඳවුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මධ්‍යම කඳවුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
