ඉන්දියාවේ සමාජ ශාලාවක ගින්නකින් 23කට දිවි අහිමි වෙයි

ඉන්දියාවේ ගෝවා ප්‍රාන්තයේ රාත්‍රී සමාජ ශාලාවක හටගත් ගින්නකින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මියගිය පිරිස අතර සංචාරකයින් කිහිපදෙනෙක්ද සිටින බවයි වාර්තා වන්නේ.

ගෝවා ප්‍රාන්තයේ “අර්පෝරා” ගම්මානයේ ජනප්‍රිය රාත්‍රි සමාජ ශාලාවක මෙම ගින්න හට ගැණුනා.

ඊයේ මධ්‍යම රාත්‍රි එම සමාජ ශාලාවෙහි ගෑස් සිලින්ඩරයක් පුපුරායාමෙන් මෙම ගින්න හට ගැණුනු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ගින්නෙන් සංචාරකයින් කිහිපදෙනෙකු සහ එම සමාජ ශාලාවෙහි මුළුතැන්ගෙයි සේවකයින් කිහිපදෙනෙක් ද මියගොස් ඇති බව ප්‍රාන්ත බලධාරින් පවසනවා.

ගින්න කඩිනමින් පාලනය කිරීමට හැකිවූ බව එරට ගිනි නිවීමේ අංශ සඳහන් කළා.

මියගිය පිරිස අතර කාන්තාවන් කිහිප දෙනෙක්ද සිටින බව සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකයි.

අනතුරට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත බලධාරින් පවසනවා.