ඊශ්‍රායල හමුදා මෙහෙයුම් හේතුවෙන් ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය ඉතා වේගයෙන් බිඳ වැටෙමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.
ගාසා තිරයේ ඇති “කමල් අද්වාන්” සහ උතුරු ගාසා තීරයේ “අල්-අව්ඩා” ඇතුළු රෝහල් කිහිපයක්, ඊශ්‍රායල හමුදාව රැදී සිටීම හේතුවෙන් එම රෝහල් අක්‍රිය තත්වයේ පවතින බවයි, ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ.
පලස්තීන වැසියන්ට එම රෝහල් වෙත ප්‍රවේශ වීමට නොහැකි තත්වයක පවතින බවද, වාර්තා වනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ, ඊශ්‍රායල හමුදා මෙහෙයුම් හේතුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහ රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීම අවහිර කර ඇති බවයි.
වෛද්‍ය පහසුකම් නැවත සැපයීම ඉතා දුෂ්කර වී ඇති බවද සඳහන්.
ඊශ්‍රායල ගුවන් ප්‍රහාර, ගොඩබිම් මෙහෙයුම් සහ ඉවත් කිරීමේ නියෝග හේතුවෙන් පසුගිය සතිය තුළ පමණක් අවම වශයෙන් වෛද්‍ය පහසුකම් මධ්‍යස්ථාන 20 කට සිදුව ඇති හානි හේතුවෙන් වසා දැමීමට සිදුවී ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගාසා තීරයේ යුද්ධය උත්සන්න වීමත් සමග යුද්ධය පිළිබඳව ඊශ්‍රායලය තුළ අභ්‍යන්තර විවේචන වර්ධනය වෙමින් පවතිනවා.
