ශ්‍රී ලාංකේය ගීත කෝකිලාවිය, කලා ශූරී ලතා වල්පොළ මහත්මිය මීට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වුණා.
මිය යන විට ඇය පසුවූයේ 91 වැනි වියේ.
සිංහල සිනමාවේ අසහාය ලකුණක් සනිටුහන් කිරීමට ලතා වල්පොළ මහත්මිය සමත් වුණා.
2000 කට වැඩි ගීත සංඛ්‍යාවකට ඇය හඬ දායකත්වය ලබාදී තිබෙනවා.
කලක් රෝගාතුරව සිටි ලතා වල්පොළ මහත්මිය කොළඹ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වුණා.
