ස්විට්සර්ලන්තයේ ගින්නෙන් මිය ගිය ගණන ඉහළට

දකුණු ස්විට්සර්ලන්තයේ හිම ක්‍රිඩා අවන්හලක ඇති වූ විශාල ගින්නෙන් පුද්ගලයින් 40 ක් පමණ මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

115 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් බරපතල බවයි බලධාරීන් පවසන්නේ.

ක්‍රාන්ස්-මොන්ටානා හි අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් අතරතුර අලුයම 1:30 ට පමණ ගින්න හටගෙන තිබෙනවා. ගින්නට හේතුව තවමත් හඳුනාගෙන නැහැ.

නමුත් මෙය ත්‍රස්ත ප්‍රහාරයක් නොවන බවයි බලධාරීන් අනුමාන කරන්නේ.

මියගිය හා තුවාල ලැබූවන් අතර රටවල් කිහිපයක පුද්ගලයින් සිටින බවයි වාර්තා පෙන්වා දෙන්නේ.

පොලිසිය පැවසුවේ දැන් ඔවුන්ගේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ මියගිය අය හඳුනාගෙන හැකි ඉක්මනින් මළ සිරුරු පවුල් වෙත භාර දීම සඳහා බවයි.

තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙකුට දරුණු පිළිස්සුම් තුවාල තිබෙනවා. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තවමත් බරපතල තත්ත්වයේ පසුවෙන බවයි ඇති වී බවයි රෝහල් ආරංචිමාර්ග පවසන්නේ.

තුවාල ලැබූවන්ගෙන් බොහෝ දෙනෙක් වයස අවුරුදු 15 ත් 25 ත් අතර තරුණයින්.

දුටුවන් පවසන්නේ ගින්න ඉතා වේගයෙන් පැතිර ගොස් ඇති අතර තත්පර කිහිපයකින් ශාලාව පුරා පැතිර ගොස් ඇති බවයි.

ගින්න හටගන්නා අවස්ථාවේ ඒ වන විට බාර් එක තුළ කොපමණ පිරිසක් සිටියාද යන්න තවමත් නොදන්නා බවයි බලධාරීන් පවසා සිටියේ.

ස්විට්සර්ලන්ත ජනාධිපති ගයි පාර්මලින් කියා සිටියේ ‌ෙමම ගින්න රටේ ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකවලින් එකක් බවයි.