මධ්‍යම ගාසා තීරයේ දැඩි කුසගින්නෙන් පෙළෙමින් සිටින සිවිල් වැසියන් පිරිසක් එහි ආහාර සැපයුම් ගබඩාවකට කඩා වැදී ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනෙහි නියෝජිතයින් පවසනවා.
එහිදි දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මධ්‍යම ගාසා තීරයේ “ඩෙයර් අල් – බාලා” නගරයෙහි පිහිටුවා ඇති “අල් – ගෆාරි” ආහාර සැපයුම් ගබඩාවට අනවසරයෙන් පිරිසක් කඩාවැදී ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනෙහි නියෝජිතයින් පවසනවා.
එම පිරිස විසින් ගබඩාවෙන් ආහාර මලු රැගෙන ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
සිද්ධිය අතරතුර වෙඩි හඬද ඇසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා. තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්.
ඊශ්‍රායලය විසින් මාස තුනකට ආසන්න කාලයක් පුරා සිදුකරන ලද ගාසා තීරය වෙත, මානුෂීය ආධාර සැපයුම් අවහිරය ඉකුත් සතියේ ලිහිල් කිරීමත් සමග ගාසා තීරය තුළ මානුෂීය අවශ්‍යතා පාලනය කිරීමට නොහැකි තත්වයක් උදාවි ඇති බව එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
ගාසා තීරය වෙත ආහාරමය ආධාර ලබාදීමේ ක්‍රියාවලිය කඩිනමින් පුළුල් කළ යුතු බවද එම වැඩසටහන පෙන්වා දෙනවා.
