ක්‍රිකට් ලෝලීන්ට ලැබෙන සුපිරි අවස්ථාව

2026, 20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයින්ට පිරිනැමෙන කුසලානය ක්‍රිකට් ලෝලීන්ට දැක බලා ගැනීමේ අවස්ථාව අද සිට හිමි වනවා. එය, ලබන 24 වැනිදා දක්වා මෙරට නගර කිහිපයකට ගෙන යාමට නියමිතයි.

ලෝක කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වයෙන් ලබන මස 7 වැනිදා ආරම්භ වනවා. එහි ශූරතා කුසලානය ඊයේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරටට රැගෙන එනු ලැබුවා.

කුසලානයේ ශ්‍රී ලංකා සංචාරය නිල වශයෙන් ආරම්භ කෙරුණේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එය අද උදෑසන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිටදී ක්‍රීඩාලෝලින්ට ප්‍රදර්ශනය ආරම්භ කෙරුණා.