ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් කැඳවීමක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව වාර්තා වනවා.

අද (27) පෙරවරු 9ට ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශට පැමිණෙන ලෙසයි ශිරන්ති රාජපක්ෂ මහත්මියට පසුගිය සිකුරාදා දිනයේ මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ.