වැල්ලවායේ තවත් අනතුරක්

වැල්ලවාය නගරයේ ඇල්ල මංසන්ධිය ආසන්න ප්‍රදේශයේ දී මෝටර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් කිසිවෙකුටත් බරපතල හානියක් සිදු වී නොමැති අතර රථ වාහනවලට දැඩිලෙස අලාභ හානි සිදු වී ඇත.

මෙසේ අනතුරට ලක් වී ඇත්තේ වැල්ලවාය ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකු වන අතර අනතුර සම්බධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.